උසස් පෙළ භූගෝල විද්‍යාව, ජනාවාස හැදින්වීම




ජනාවාසයක් යනු කුමක්ද ?


අව්වෙන් වැස්සෙන් හා හිම පතනයෙන් සෙවන ලබා ගැනීමටත් අධික සීතල හා අධික උෂ්ණත්වය වැනි පරිසරයේ කටුක බවින් මිදීමටත් වන සතුන් හා වන සතුරන්ගෙන් ආරක්ෂා විමටත් ,මිනිසා නිවාස ප්‍රයෝජනයට ගනීයිඵලවැල නෙලන්නන් හා දඩයක්කාරයන් තාවකාලිව ජීවත් වන ගල් ගුහා ද ඇතුළුව ,නිවාස, කඩසාප්පු, කාර්යාල ,කම්හල් , විවිධ ආගමික ගොඩනැගිලි ,ගොවිබිම් හා ඒවා සම්බන්ධ කරන මංමාවත් ,විදුලි රැහැන් , සංනිවේදන ජාල හා ඉඩම්වල වැටකඩොළු යනාදිය ද ජනාවාස යන්නට අයත්වේ.
ඒ අනුව ජනාවාස යනු පරිසරයේ කටුක බවින් ආරක්ෂා වීම සඳහාත් , සත්ත්ව හා වෙනත් සතුරු උවදුරු වලින් ගැලවීම සඳහාත් , හිසට සෙවනක් ලබා ගැනීම පිණිසතනා ඇති ආවරණ හා දෑලිස් වලින් සමන්විත ජන සංකේන්ද්‍රයන්ය.

මේ නිසා ලෝකයේ ජනාවාස වල විවිධත්වයක් දක්නට ලැබේඑනම් ,

  • හුදකලා ගෙය හෝ ගොවිපල ( Farmstead)
  • කුඩාගම ( Hamlet)
  • ගම ( Village)
  • නගරය ( Town)
  • මහ නගරය ( City)
  • පුරවරය (Metropolis)
  • සමුහිතය (Conurbation)
  • විශාල නගර යාය ( Megalopolis) යන සියල්ලම ජනාවාස වශයෙන් සැලකේඑහෙයින් හුදකලා නිවාසයක සිට විශාල නගරය හා නගරයන් දක්වා විහිදෙන ජනාවාස , සන්තතියක් වශයෙන් පවතින බැව් පැහැදිලිය.

ජනාවාස වල ප්‍රධාන අංග -
බොහෝ ජනාවාස ප්‍රධාන අංග පහකින් සමන්විත වේ . එනම්,
          1. මිනිසා
          2. සමාජය
          3. ස්වභාවික පරිසරය
          4. ස්වාභාවික හා කෘතිම ආවරණ
          5. දෑලිස්
යන ඉහත සඳහන් ප්‍රධාන අංග පහ ජනාවාසයක් තුල සාමාන්‍යයෙන් දක්නට ලැබේ


ජනාවාස වර්ග -

බොහෝ රටවල් ජනාවාස ප්‍රධාන කොටස් දෙකකට පරිපාලන කටයුතු සඳහා වර්ගකරනු ලැබේඑනම් ,
      1. ග්‍රාමීය ජනාවාස
      2. නාගරික ජනාවාස යනුවෙනි.
එහෙත් භූගෝල විද්‍යාඥයෝ මෙසේ වර්ග දෙකකට පමණක් වෙන් කිරීමෙන් සෑහීමකට පත් නොවෙති.


ග්‍රාමීය ජනාවාස -

සාමාන්‍යයෙන් පැළෑටි සතුන් හා වෙනත් සම්පත් පරිහරණය කිරීමේදී මිනිසා විසින් ප්‍රයෝජනයට ගනු ලබන හෝ ඉදිකරනු ලබන ජනාවාස භූගෝල විද්‍යාඥයෝ ග්‍රාමීය ජනාවාස වශයෙන් පිළිගැනේඒ අනුව ඵලවැල එකතු කිරිම , දඩයම් කිරීම , මසුන් මැරීම , ගොවිතැන , සත්ත්ව පාලනය වැනි ප්‍රාථමික කටයුතු වලින් යැපෙන පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් පදිංචි ස්ථාන ග්‍රාමීය ජනාවාස වශයෙන් සලකනු ලබයි.සමහර ග්‍රාමීය ජනාවාස වල ප්‍රාථමික කටයුතු වලට අමතරව හස්ත කර්මාන්තය,වෙළඳාම වැනි ද්විතීයීක හෝ තෘතියික රැකියා කරන පුද්ගලයන්ද වාසය කරනු ලැබේ.නිදසුනක් ලෙස කුඹල් ගම් හා වඩුගම් සැලකිය හැකිය.

බොහෝගම් වල ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් හඳුනා ගත හැකියඑනම්,

1.ඉදිකල බිමි ප්‍රදේශය (built – up area)
2.ආර්ථික ප්‍රදේශය (economic area)


ඉදිකල බිම් ප්‍රදේශය -
ඉදිකල බිම් ප්‍රදේශය යනු ගෙවල් හා ගෙවතුද වෙනත් ගොඩනැගිලිද කේන්ද්‍රය වී ඇති ප්‍රදේශය වේ.

ආර්ථික ප්‍රදේශය -
ආර්ථික ප්‍රදේශය යනුවෙන් සලකනු ලබන්නේ මිනිසාගේ ආර්ථික කටයුත් සංකේන්ද්‍රණය වි ඇති ප්‍රදේශය වේ.

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පුරාණ ගමක නම් වැව , මඩ ඉඩම් හා ගොඩ ඉඩම් (කුඹුරු හේන් හා අවට වනාන්තර ) ආර්ථික ප්‍රදේශයට අයත් වේඑනිසා එවැනි ගම්වල ඉදිකල ප්‍රදේශයට වඩා ආර්ථික ප්‍රදේශය විශාලය.

එක්සත් ජනපදයේ හුදකලා ගොවිපලක ඇති ප්‍රදේශ වල ජනාවාස කොටසට ගොවියාගේ නිවාස පෝර හා ධාන්‍ය ගබඩා ආදියද එහි හෙක්ටයාර සිය ගණනක් විශාල ගොව්බිම්ද ආර්ථික ප්‍රදේශයට අයත් වේ.

නාගරික ජනාවාස -
නගරයක් ගමකට වඩා සාපේක්ෂ වශයෙන් විශාල වූ ජනාවාසයකි. ( ජන සංඛ්‍යාව හා භෞතික වගකීමි අතින්එහි අධික ජන සංඛ්‍යාවක් වාසය කරන අතර ජන ඝණත්වයද අධික වේනගරයක කඩසාප්පු , කම්හල් , පාසල් , රෝහල් , බැංකු , ආයතන හා නිවාස වැනි විවිධ කාර්යය කරන ගොඩනැගිලි ද උද්‍යාන ක්‍රීඩා පිට්ටනි වැනි විවෘත බිම්ද දක්නට ලැබේමෙවැනි ඉදිකල බිමි ප්‍රදේශය නාගරික භූමියෙන් වැඩි කොටසක් වසා සිටීප්‍රාථමික කාර්යය ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ගමක මෙන් නොව නගරයක නම් වාණිජ , කාර්මික ,අධ්‍යාපන , සෞඛ්‍යය , මූල්‍ය , පරිපාලන හා ආයතනික වැනි ද්විතීයික හා තෘතීයික කාර්යය සංකේන්ද්‍රනය වී ඇතමේ නිසා නගරයක් තුල ද්විතීයික හා තෘතියික අංශයේ අංශයේ රැකියා කරන අයගේ ප්‍රතිශතය වැඩි වේ.පුද්ගලයෝ නගරවල ඒකරාශිවී සිටිතිමේ අනුව නගරයක් මතු දැක්වෙන පරිදි නිර්වචනය කල හැක.

නගරයක් යනු කුමක්ද ?
නගරයක් යනු වාණිජ , කාර්මික , අධ්‍යාපන , සෞඛ්‍යය , පරිපාලන නේවාසික යනාදී විවිධ කාර්යය සංකේන්ද්‍රණය වු ජනාවාසයකිඑම කාර්යය කරනු ලබන විවිධ ගොඩනැගිලි රාශියක්ද නගරයේ ඒකරාශී වී ඇති හෙයින් ඉදිකල බිමි ප්‍රදේශය මුළු ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් ගනී.එහි අධික ජනසඞඛ්‍යාවක් හා අධික ජන ඝනත්වයක් ඇතමෙය සාපේක්ෂ වශයෙන් විශාල වූ ( භෞතික විහිදීම හා ජන සංඛ්‍යාව අතින් )මාර්ග නාභියක හෙවත් කේන්ද්‍රයක පිහිටි ජනාවාසයකි.

නගරයක් මගින් සපයනු ලබන අධ්‍යාපන , සෞඛ්‍යය , පරිපාලන වැනි විවිධ සේවා ලබා ගැනීමටත් නගරයේ රැකියාව කිරීමටත් දිනපතා අවට ප්‍රදේශයෙන් විශාල පිරිසක් හා රථවාහන සංඛ්‍යාවක් උදය වරුවේ නගරයට ඇදී ඒම හා සවසට පෙරලා ආපසු යාමත් දෛනික සංචලතාවය නැතහොත් සංගමනය (Commuting) වශයෙන් හැඳින්වේ.

ගැමිරික ජනාවාස -

බොහෝ දෙනා ග්‍රාමීය හා නාගරික වශයෙන් ජනාවාස කොටස් දෙකකට බෙදා ඇති නමුත් මේ දෙවර්ගයේම මිශ්‍ර ලක්ෂණ පවතින ජනාවාස වර්ගයක් දැන් හඳුනාගෙන ඇතමී‍ෙ හේතුව නගරාසන්නයේ පිහිටි ග්‍රාමිය ජනාවාස වල ග්‍රාමීය ලක්ෂණ ක්‍රමයෙන් අඩු වෙමින් පැවතීමයිඑවැනි ජනාවාස වල ගොවිතැන හෝ මසුන් මැරීම වැනි ප්‍රාථමික රැකියා කරන පුද්ගලන් අඩු වී ආසන්න නගරවල රැකියා කරන අයගේ සංඛ්‍යාව වැඩි වී ඇතපරම්පරා ගණනක් තිස්සේ ගමේ පදිංචි වී ප්‍රාථමික රැකියිවල යෙදුන පවුල් වල සාමාජිකයන්ද ආසන්න නගරවල රැකියාවල යෙදී සිටිනු දක්නට ලැබේදුර බැහැර ගම්මානවල ඉපදි නගරයේ රැකියාව කරන එහෙත් නගරයේ ඉඩම් මිල වැඩි වීම හෝ ඉඩම් හිඟය නිසා නගරයේ හෝ උප නගරවල පදිංචි වීමට නොහැකි අයද , නගරයේ පරිසර දූෂණය හා තදබදයට අකමැති අයද ප්‍රවාහන පහසුකම් ඇති නගරාසන්න ගම්මාන වල පදිංචි වෙතිකල්ගතවු පසු කම්හල් , කාර්යාල හා කඩසාප්පු මෙවැනි ගම්වල ප්‍රධාන මාර්ග දෙපස පිහිටි ඉඩම් වලට ආකර්ෂනය වේ.

මේ අයුරින් නගරාසන්න ගම්මානවල ආර්ථික ප්‍රදේශය කුඩා වී ඉදිකල ප්‍රදේශය ප්‍රසාරණය වන්නට පටන් ගනී.රැකියා හා භූමි පරිභෝග ලක්ෂන , සමාජ ලක්ෂණ ,සම්ප්‍රදායික ග්‍රාමීය ජනාවාසයකට වඩා වෙනස් වේමේ නිසා තව දුරටත් මෙවැනි ජනාවාස ග්‍රාමීය ජනාවාස වශයෙන් සැලකීම යෝග්‍ය නොවේ.

ග්‍රාමීය හා නාගරික ලක්ෂණ මිශ්‍රව පවතින හෙයින් ගැමිරික ජනාවාස (rurban)නැතහොත් ගැමි නාගරික යන නම මේ ජනාවාස වර්ගයට යෙදිය යුතු බව 1915 දී ගැල්පීන් (Galpin) නමැති සමාජ විද්‍යාඥයා විසින් මුලින්ම ප්‍රකාශ කරන ලදි. 1972 දී මොන්ක්හවුස් (Monkhouse) ඉන්දුනීසියාවේ කොටාදේසායි යනුවෙන් හඳුන්වන්නේද මේ වර්ගයමයලෝකයේ සංවර්ධිත රටවල් මෙවැනි ගම් පුරවරගම්(Metropoliton Village) හා සයනාගාරගම් (dormitory Villages) යනුවෙන් හදුන්වනු ලැබේනගර සෑම එකක්ම වටා පිහිටි ග්‍රාමීය ජනාවාස ගැමිරික ජනාවාස බවට පරිවර්තනය වෙමින් පවති . කලක් ගත වූ පසු සමහර ජනාවාස වල ග්‍රාමීය ලක්ෂණ සම්පූර්ණයෙන්ම ඉවත් වී ඒවා උප නගර බවට පත් වේ.


ජනාවාස වල ලක්ෂණ -
බොහෝ ජනාවාස වල ගතික බවක් දක්නට ලැබේජනාවාස වල ජන සංඛ්‍යාව වැඩි වීමෙන් කුඩාගමක් , ගමක් බවටද ජනසංඛ්‍යාව වැඩි වීමත් සමඟ කාර්ය හා භූමි පරිභෝගය වෙනස් වීමෙන් ගමක් ගැමිරික ජනාවාසයක් හෝ නගරයක් බවටද පරිවර්තනය විය හැකඑසේම කුඩා නගරයක් විකාශනය වී පුරවරයක් බවටද නාගරික සමුහිතයක් බවටද පත් විය හැකවෙන්ව පැවති නගර කිහිපයක් නාගරික වු ප්‍රදේශ නමුත් ජනාවාස සෑම විටම ප්‍රසාරණය නොවේසමහර ජනාවාස කලක් වර්ධනය වී ජන හායනයට ලක් වී පසුව පරිහානියට පත් වේවිශේෂයෙන් ඛනිජ සම්පත් අවසන් වීම නිසා නගර හා ගම් අත්හැර දමා තිබේඑවැනි නගර ගණනාවක් එක්සත් ජනපදයේ දක්නට ලැබේඒවා හොල්මන් නගර (ghost town) වශයෙන් හැඳින්වේ.
ගිනිකඳු පිපිරීම් .නායයෑම් වැනි ස්වභාවික ආපදා මෙන්ම යුද්ධ වැනි හේතූන් නිසාද ජනාවාස විනාශ වේ . 13 වන සියවසෙන් පසුව ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙන් ජනාවාස අත්හැර යාමක් විශාල පරිමාණයෙන් සිදුවිණ.

ප්‍රධාන ජනාවාස වර්ග අතර පවත්නා කැපී පෙනෙන වෙනස්කම්.

ජනාවාස වර්ගය
ග්‍රාමිය ජනාවාස
නාගරික ජනාවාස
ගැමිරික ජනාවාස
ජනඝනත්වය
අඩුයි
වැඩියි
අතරමැද
ආර්ථික කටයුතු
ප්‍රධාන වශයෙන් ප්‍රාථමික
ද්විතීය , තෘතිය හා චාතුර්යික
ක්‍රමයෙන් ප්‍රාථමික ආර්ථිකකටයුතු අඩු වී ද්විතීයතෘතිය හා චාතුර්තික කටයුතු වැඩිවෙමින් පවතී.
කාර්ය
ප්‍රාථමික කාර්ය හා නේවාසික
පරිපාලන , කාර්මිකමූල්‍ය,සෞඛ්‍යය අධ්‍යාපන වැනි විවිධ කාර්යය ඒකරාශී වේ
නේවාසික
දෛනික සංචලතාව
දෛනික සංචලතාව අඩුයි
විවිධ ප්‍රදේශ වලින් නගරයට ඇදී ඒ.උදය වරුවේ ඇතුලතටද සවස පිටතටද සංචලතාවක් ඇත.
උදය වරුවේ පිටතටද සවස් වරුවේ පිටතටද සවස් වරුවේ ඇතුලතටද සංචලතාවක් ඇත.
සංක්‍රමණය
අඩුයි.
වැඩියි
වැඩියි
භූමි පරිභෝගය
ඉදිකල බිම් ප්‍රතිශතය සාපේක්ෂව අඩුයි.
ඉදිකල බිම් ප්‍රතිශතය වැඩියි
ඉදිකල බිම් ප්‍රමාණය වැඩිවෙමින් පවතී.ගොවිබිම් ප්‍රමාණය අඩුවේ.

ජනාවාස පරිණාමය

  • ජනාවාස ඉතිහාසය පරික්ෂා කරන කල මුලින්ම බිහි වී ඇත්තේ සංවිධානයක් නැති සරල ජනාවාසයන්යආදි ශිලා යුගයේ සිටි දඩයක්කරුවන් හා ඵලවැල එකතු කරන්නට ස්ථිර වාසස්ථාන නොවීය.නොයෙක් තැන්වල සැරිසරමින් ජීවත් වූ ඔවුහු ගස්බෙන , ගල්ගුහා ආදියෙහි කෙටිකලක් වාසය කලහ.
  • සංචාරක එඩේර කර්මාන්තය හා සල ගොවිතැන ඇරඹීමෙන් පසු ක්‍රමයෙන් අර්ධ ස්ථාවර ජනාවාස වල පදිංචි වීමට පටන් ගත්හ.
  • ස්ථිර ගෙවල් තනා ගම්මානවල පදිංචි වීමට පටන් ගත්තේ මිනිසා ඔත් ගොවිතැනෙහි හා සත්තව පාලනයෙහි යෙදීමත් සමඟයක්‍රි.පූර්ව 10000 දී පමණ ඇරඹුණු මෙම කෘෂිකාර්මික විප්ලවය ජනාවාස ඉතිහාසයේ වැදගත් තැනක් ගනි.
  • ජනාවාස වර්ධනයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් පෙන්වා දිය හැකනාගරික ජනාවාස බිහිවීම මිනිසා ග්‍රාමීය ජීවන ක්‍රමයක සිට නාගරික ජීවන ක්‍රමය වැළදගත් ඇබ්බැහි වූ මේ අවස්ථා‍ව නාගරික විප්ලවය යැයි කියනු ලැබේ.
  • නගර ආරම්භය ක්‍රි.පූර්ව 4000-3500 ත් අතර පමණ සිදුවූයේ යැයි පුරා විද්‍යාඥයන්ගේ මතය වේ.


උදා- 1.. මෙසපොතේමියාවේ ජල සම්පාදනය ආශ්‍රයෙන් ගංගා නිම්න වල ලෝකයේ පැරණිතම නගරවල නටබුන් සොයා ගෙන ඇතඑහි ට්‍රයිග්‍රීස් නිම්නයේ එරිදු (Eridu)නගරය ක්‍රි.පූර්ව 3000 පමණද යුප්‍රටීස් නිම්නයේ ඌර් (Ur) නගරය ක්‍රි.පූර්ව 4500පමණද බිහිවූ බව පුරාවිද්‍යා සාක්ෂි වලින් ඔප්පු වේ.
    1. මින් පසු නාගරිකරණය නයිල් නිම්නය කරා පැතිරිණික්‍රි.පූර්ව 3100 දී නයිල් නිම්නයේ මෙම්පීස් (Memphis) ලක්සෝර් (Luxor) නමැති නගර බිහිවිය
      1. ඉන්පසු ක්‍රි.පූර්ව 2500 දී පමණ ඉන්දු නිම්නයේ පිහිටි මොහෙන්ද්‍රෙජාරෝ (Mohendajaro) සහ හරප්පා (Harappa) යන නගර පිහිටුවා තිබුණිපසු කාලයකදී නැගෙනහිර හා අග්නිදිග ආසියාවටද යුරෝපයටද නාගරීකරණය පැතිරි ඇත.
      2. ග්‍රික රෝම අධිරාජ්‍යයේ බිහි වු ඇතන්ස් , රෝමය වැනි නගර ගැන සඳහන් වන්නේ ක්‍රි.පූර්ව 2000 දී පමණ වේඑකල ක්‍රීටයේ නොසෝස් (Knzoz) ග්‍රීසියේ මායිසනේ (Mycenae) හා සුළු ආසියාවේ ට්‍රෝයි (Troy) නගරද ප්‍රසිද්ධියට පත් විය.
      3. මධ්‍යම ඇමරිකාවේ ගෞතමාලාව ,යුකටාන් හා මෙක්සිකෝව යන රටවල විසූ මායා (Maya) සැපොටෙක් (Zapotec) මික්ස්ටෙක්(Mixtec) හා ඇස්ටෙක් (Aztec) වරුන් විසින්ද නගර නිර්මාණය කරන ලද බවට සාක්ෂි ඇත.
A/L Geography Secrets

Comments